
(අංජුල මහික වීරරත්න)
හෙවනකුඹුර, බද්දේගම, පොළොන්නරුව සහ වෑකන්දවෙල ප්‍රදේශයන්හි පාසල් හතරක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (30) පැමිණියහ.
එලෙස ජනපති කාර්යාලයට පැමිණියේ හෙවනකුඹුර ශ්‍රී පුඤ්ඤසාර මහා විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, පොළොන්නරුව බකමූණ මහසෙන් ජාතික පාසල සහ වෑකන්දවෙල මොරයාය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝයි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමිව තිබේ.
ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධවද එම විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීමද මෙහිදී සිදු විය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව සහ සාරධර්ම වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දේශනයක් කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අදාළ විදුහල්වල පුස්තකාල සඳහා පොත් ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම සහ පරිසර සතිය ආරම්භ කරමින් පාසල් වෙත වටිනා පැළ බෙදා දීම ද සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසංගත රෝග පැතිරෙමින් තිබෙන කාලයක දරුවන් මේ අර්ථ විරහිත වැඩවලට යොදාගන්න එපා... අනිත් එක මේ වගේ "බාල මාධ්‍ය සංදර්ශන" වලින් ආණ්ඩුවේ ප්‍රතිරූපය ගොඩ නගන්න උත්සාහ ගන්න එපා..!
එදා රට කෑ එකා කියලා බැනපු ජේ.ආර් .ජයවර්ධන මහතාගෙන් කොපි කරගත් දෙයක්...
වසංගත රෝග ජනාධිපති මන්දිරයේ දැන් නෑ. ඒ ඉස්සර. දැන් අවුලක් නෑ.