
(බී. ජී. චතුරංග)
අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේදී සිදුවූ අනතුරකින්, ගැබිණි ග්‍රාම නිළධාරීනියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත් වූ බව කවරක්කුලම පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පදිංචිව සිටි ආර්. එම්. භාග්‍යා නිළුපුලී වඩුගොඩපිටිය නැමැති 32 හැවිරිදි ගැබිණි කාන්තාවකි.
මෙම කාන්තාව අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට, අනුයුක්තව මහබුලංකුලම 283 තුලානයේ ග්‍රාම නිලධාරීවරිය ලෙස රාජකාරී කටයුතු කළාය.
කවරක්කුලම දෙස සිට අනුරාධපුර දෙසට මෙම කාන්තාව තවත් කාන්තාවක් සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම දිසාවටම පැමිණි සැහැල්ලු ලොරි රථයක් යතුරු පැදියේ ගැටී ඉකුත් දහ අටදා මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ග්‍රාම නිලධාරිනිය මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවද පොලිසිය සඳහන් කළේය
ග්‍රාම නිලධාරිනිය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඇගේ කුස තුළ සිටි කුඩා දරුවාද ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය
මෙම අනතුර සම්බන්ධයෙන් සැහැල්ලු ලොරි රථයේ රියදුරා වන අනුරාධපුර, මිහින්තලා පාර, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් කවරක් කුලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරි රථයේ රියදුරා බීමත්ව හිටියා වත්ද? නොසැලකිලිමත් ලෙස රිය පදවන්නන් නිසා බොහෝ ප්‍රවේසමෙන් විනයක් ඇතිව මහමඟ යන අයත් අනතුරේ. මොනතරම් බලාපොරොත්තු ගොඩක් හිතේ දරාගෙන එම ගැබිනි මව සිටින්න ඇතිද? බොහොම දුකයි. දෙදෙනාටම නිවන් සුව පතමි.