( එච්.චන්දන )
පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
අද (31) දා දහවල් 10.00 පමණ මෙම ගින්න ඇවිලි ඇති අතර මෙම ගබඩාවේ තෙල් හා තවත් දැ ගඩබඩා කර ඇති අතර ගින්නෙන් එහි තිබූ සියල්ල ගිනි ගෙන විනාශ වී ඇත.
නගර සභා සේවකයින් , පුත්තලම පොලිසයේ නිළධාරින් , පුත්තලම තම්භපණ්නී නාවික හමුදා ගිනි නිවන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුධ හමුදාව එක්ව ගින් නිවා දැමීමට කටයුතු කර තිබිණි.
පුත්තලම නගර සභාවේ මාසික රැස්වීමද අද දින පැවති අතර සභා රැස්වීමට පැමිණ සිටි නාගරික මන්ත්‍රීවරැන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණි ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්නේය.
මේ පිළිබදව පිළිබදව පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ මෙම ගබඩාව විදුලි කාන්දුවකින් ගිනි ගන්නට ඇතැයි සැක කරන අතර ඇතිවී ඇති විනාශය තවමත් කිව නොහැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්වෙන්ට්‍රියේ බඩු අඩු නිසා ගිනිගත්තා කිව්වානම් වඩා නිවැරදියි.
විශාල අලාභ හානියක් වෙලා. දුකයි
ඇත්තටම කාන්දුවුනේ තෙල්ද? එක්දහස් නවසිය අසූ ගණන් කාලයේ එක් පළාත් පාලන ආයතනයක ලිපිකරු මහතෙකුට විනය නියෝගයක් මත දඬුවම් කරලා පුද්ගලික ලිපිගොනුවටත් ලිපියක් දැම්මා කලබල කාලයේ මේ කාර්යාලය ගිනිගත්තා මොහුගේ ලිපි ගොනුවත් ගිනි ගත්තා. පසුව මොහු පරිපාලන විභාගයෙනුත් සමත් වී ඉහළ තනතුරක් දරලා විශ්‍රාම ගත්තා. පළාත්පාලන ආයතනවල එවැනිදේ වෙනවා..