
(උදුගොඩ - වාර්තාකරු, කේ.බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)
යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන්තොට පනාවත්ත වතු යායේ අද (03) අළුයම 2.00 පමණ විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවු ගිණි ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිණි ගෙන එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවන මොහොතේ ලැයිම් කාමරවල පිරිස නින්දේ සිට ඇති අතර අනතුරින් මිය ගියේ වයස අවු:60 වන මුක්කන් වීරසිංහම් හා අවු: 50 වන මුත්තයියා ශාන්ති දේව් යන අඹුසැමි යුවල බවත් පොලිසිය පවසයි.
මෙම ගිණි ගැනීමෙන් ලැයිම් කාමර පහෙන් තුනක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ලැයිම් කාමර දෙකක් ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ජලය ගසා අර්ධ හානී ලෙස එම ලැයිම් කාමර දෙක බේරා ගැනීමට හැකිවු බවත් පොලීසිය කීය.
යටියන්තොට පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී.ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වීරසිංහ,උප පොලිස් පරීක්ෂක එම්.ප්‍රියවංශ,පොලිස් සැරයන් 45747ජයලත්,පොලිස් සැරයන් 61968 බණ්ඩාර යන නිලධාරීන් වැඩ්දුර පරීක්ෂණ පවත්වති.
(ඡායාරූප: උදුගොඩ - වාර්තාකරු)


2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නක් යුවළකට දිවි අහිමිකරයි