
(ධම්මික ගුණවර්ධන)
අකුරණ නගරයේ අද (5) පෙරවරුවේ හටගත් ගින්න හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස වසා දමා තබූ මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ අකුරණ කොටස ගින්න මැඩවැත්වීමත් සමඟ පැය පහකට (පෙරවරු 6 සිට දහවල් 11 දක්වා) පසුව විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගණු ලැබුණි.
නගර මධ්‍යයේ හෝටලයක් සමඟ පවත්වාගෙන ගිය බේකරියක ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් හෝ හදිස්සි විදුලි කාන්දුවක් මත මෙම ගින්න ඇතිවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.
ගින්නෙන් සිව් මහල් පෞද්ගලික ජාත්‍යන්තර පාසලක් ඇතුලු ගොඩනැගිලි හතරකට දැඩි හානී සිදුව තිබේ.
මේ අතර මාර්ගය පුරා විසිරී තිබූ අබලි ද්‍රව්‍ය ඉවත්කොට මාර්ගය සෝදා හැරීමෙන් පසු මාර්ගය රථ වාහන හා මගී ජනතාවගේ ගමනා ගමනතමයට විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.
කෙසේ නමුත් ගින්නෙන් විනාශ වූ ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය තවදුරටත් මාර්ගයට කඩා වැටීමේ අවදානම හේතුවෙන් එම මාර්ගයේ අකුරණ ප්‍රදේශය පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රථ වාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ මිලගණන් සහිත රසවත් කෑම දුන්නු ව්‍යාපාරයක්... හරිම අපරාධයක්... කණගාටුයි.