IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගන්දර තොටුපොළ ධීවර වරායක් වෙයි

(අංජුල මහික වීරරත්න)

ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ගන්දර ධීවර තොටුපොළ පවතින ස්ථානයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා 2019-07-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය 2023 දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබු නමුත් කෝවිඩ් 19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අපේක්ෂිත පරිදි ඉටු කිරීමට නොහැකි වී තිබෙන බව රජය පවසයි.

ඒ අනුව ව්‍යාපෘතියට අදාල ගොඩබිම ඉදිකිරීම් ද ඇතුළුව සියලු වැඩ නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතියෙහි කාලසීමාව 2023 දෙසැම්බර් මස සිට 2026 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමටත්, මිල විචලනයන් මත පදනම්ව මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමටත් ධීවර අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

 

 



අදහස් (0)

ගන්දර තොටුපොළ ධීවර වරායක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site