(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන කොම්පඤ්ඤවීදිය ලීලි වීදියේ සුපිරි හෝටලයක සෝදිසි මෙහෙයුමක් කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව   පානදුර වළාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

එම හෝටලයේ ගිනි අවි සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම මෙහෙයුම සිදු කෙරිණි.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු එම ඒකකයේ කාන්තා නිලධාරිනිටන් ඇතුළු පොලිස් නිලධාරීන් 55 කු එම සෝදිසි මෙහෙයුම සඳහා එක්ව තිබුණි.

පුරා පැය 4 කට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම මහල් හතරකින් යුත් සුපිරි හෝටලය තුළ ක්‍රියාත්මක කළද ගිනි අවියක් හෝ කිසිදු සැකකටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

අනතුරුව හෝටලයේ කළමනාකරුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි