
(ගයාන් සූරියආරච්චි)
අක්කරායන්කුලම් මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය සදහා රාජකාරියේ යොදවා සිටිදී ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් සහිත පතොරොම් ගැබ් 4 ක් රාජකාරී ස්ථානයේ දමා නිවෙසට ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කළ බව කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
අක්කරායන්කුලම් පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකු මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.
මෙම කොස්තාපල්වරයා කිසිදු උසස් නිලධාරියකුට දැනුම්දීමක් නොකර අනවසරයෙන් රාජකාරී ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කළ බව කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd