
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ උපදෙස් මත විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි දෙකක් , අත්මාංචුවක් සහ ජීව උණ්ඩ සමග අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ ජර්මනියේ නිෂ්පාදිත රිවොල්වර ගිනි අවියක්, අවියක් හා ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත රිවොල්වර ගිනි අවියක් , මිලි මිටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් හා ඉංග්‍රීසියෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලෙස සඳහන් අත් විලංගු යුගලක් හා එහි යතුර පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පියල් දුනුසිංහ මහතාට ලද තොරතුරකට අනුව පයාගල , මැටියල මුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගමන් බෑග් එකක බහා තිබූ ගිනි අවි දෙක ඇතුළු සෙසු දේපළ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd