(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන මෙම සහල් තොගයේ කල් ඉකුත්වන දිනය 2022 දෙසැම්බර් මස ලෙස සටහන් කර ඇත.
එම හාල් තොගේ ගුල්ලෝ සහ පනුවෝ දක්නට ලැබෙන බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසීය.
ගබඩාවට මුද්‍රා තබා ගබඩාව ම ආවරණය වන පරිදි සහල් සාම්පල අධිකරණ නියෝග මත ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd