(රෝෂන් තුෂාර)

බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් (7502688.82 ) ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද (18) නියෝග කළේය.

අදාල දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවම් නියම් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ආදායම් බදු හා ජාතිය ගොඩනැගීමේ බද්ද නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවේ තීන්දුව නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2006 හා 2008 වසර සඳහා ගෙවිය යුතු ආදායම් බදු වන රුපියල් 846078ක් හා 2015 වසර සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ධ වන රුපියල් 6656610.00 නොගෙවා පැහැර හැරීම වෙනුවෙන් මෙම දඩය නියම කෙරිණි.

අදාල දඩ මුදල ලබන 25 වෙනි දින අධිකරණයේ තැන්පත් කරන ලෙසද නියෝග කෙරිණි.