IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


ආයුර්වේද සම්බාහන  මධ්‍යස්ථානයක මුවාවෙන් රාජගිරිය නගර මධ්‍යයේ  තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .

සංචරණ සීමා පැවති පසුගිය  කාලයේදී  අවස්ථා තුනක දී මෙම ස්ථානය වටලා  කාන්තාවන් 11 දෙනකු අත්අඩංගුවට  ගෙන තිබූ  බව ද පොලිසිය  කියයි.

සම්භාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට රජය මගින් දැනුම් දී තිබියදී මෙම ස්ථානය නැවත නැවතත් ව්වෘත කර තිබෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී එහි හිමිකරු රැදි නොසිටි අතර  ඔහු බාහිර ස්ථානයක රැඳී සිටිමින් ජංගම දුරකථනය හරහා ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වූ බව පැවසේ..

තවදුරටත් විමර්ශනය කිරීමේදී අන්තර්ජාලයේ ඇප් එකක් හරහා  , කාන්තාවන්ගේ ඡායාරූප හා  ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු පළ කොට ,ඊට සම්බන්ධ පුද්ගලයින්  නියමිත  මුදල් විද්‍යුත් ක්‍රම හරහා ගෙවීමෙන් පසුව දිනයක් හා ස්ථානයක් ලබාදී මෙම ජාවාරම කරගෙන ගොස් ඇති  බව පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගත් රාගම (41)  කෑගල්ල (22) පදිංචි කාන්තාවන් දෙදෙනා සහ රාජගිරිය (47) බොරලැස්ගමුව (26) පුද්ගලයින් දෙදෙනා අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site