
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයට පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෑතකදීත් මාධ්‍ය හමුවේ කියා තිබූ බව කී පාලිත රංගෙ බණ්ඩාර මහතා කුමන්ත්‍රණයක් තිබුණා යැයි කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කළේය.
අදාල කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනාම අද මෙන්ම එදාත් විධායක ජනාධිපතිවරුන් වන හෙයින් පරීක්ෂණ සඳහා කිසිම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිගිති ආතල් කවදා ඉවර වේද ? මුන් කථා කරන්න රටේ ප්‍රශ්න නෑ වගේ .නිකන් වැඩක් නැති කථා කරලියට ගේන්නේ.
දියවනාව පට්ටිය තුල සංගම් කීපයක්ම ඇත. ඒ එක සංගමයක් වන "වැඩකටම නැති අපතයන්ගේ සංගමයේ" අනුසාසක තමයි මේ....
මේ කතා කරලියට ඔවුන් බලයේ ඉන්නකොට. එතකොට නීතිය හා සාමය සහ අධිකරණ අමාත්‍යංශවල් ඔවුන් සතුව තිබුනේ. ඇයි ඒ මොහොතේ පරීක්ෂණ කරන්න බැරි වුනේ?
පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ විරුද්ධ පක්ෂය කවුරුහරි කිව්වොත් විතරයි..
ඇත්තටම ඒ ගැන සද්ද නැත්තේ ඇයි? කෝ අර නාමල් කුමාර ... මොකද වුණේ?
මේ හැම බොරුවකටම ,සැලස්මකටම , පිටිපස්සෙන් හිටිය, ඉහල තැන ගන්න . අනික් මෝඩයෝ ටික පිටිපස්සෙන් ගියා තියෙන කෑදර කමට .