(ඉන්දිකා රාමනායක සහ දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම, තුන්වන පියවරේ පිහිටි නිවසක ගේට්ටුවක් කඩා වැටිමෙන් හය හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
තඹුත්තේගම ප්‍රථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙණුම ලබන අබේකෝන් ප්‍රියදර්ශණි දැරියක මෙසේ මියගොස් ඇත.
සිය පාසලේ ගුරුවරියකගේ නිවසට ඇතුළුවීමට සඳහා එහි ගේට්ටුව විවෘත කරද්දී ගේට්ටුව කඩාවැටි දැරිය මතට පතිතවි ඇති බව පොලිසිය කියයි.
පසුව දැරිය තඹුත්තේගම රෝහලට ඇතුලත් කළ ද ඒවන විටත් දැරිය මිය ගොස් සිටි බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, පව්..!!! මේ දරුවා නිරපරාදේ ජීවිතෙන් සමුගත්තා. රත්තරන් දුවේ ඔබට නිවන් සුව අත්වේවා...!