(ඉන්දිකා රාමනායක)

මිල අධික ගජමුතු පහක් 5 ක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවකු අම්පාර හිගුරාණ පාරේ හෝටලයක්  අසල දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා මෙම වැටලීම සිදු කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගිරාඳුරුකෝට්ටේ පදිංචි(35)පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා අම්පාර පොලිසියට බාර දී ඇත.