
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගජමුතු දෙකක් සහ මුතු ඇට 171ක තොගයක් රුපියල් හැට ලක්ෂ පනස්දහසකට විකිණීමට රැගෙන ආවැයි කියන සිවු දෙනෙක්මාතලේ බලකඩුව පාලම අසලදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබූහ.
රූපලාවණ්‍ය ශිල්පියකු ක්ෂේත්‍ර නිලධාරියකු ව්‍යාපාරිකයකු සහ ලිපිකරුවකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කිහිප දෙනකු එක්වී ගජමුතු සහ මුතු තොගයක් විකිණීමට යන බවට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සැලසුම් කර ඇත්තේ මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත්රෝහණ ගමගේ මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd