(දිලීප් ජයසේකර)
හම්බගමුව, අලුත්වැව, කිළිඹූන්න කැලෑ ප්‍රදේශයේ සිදුක වැටලීමකදී රුපියල් කෝටියක වටිනාකමකින් යුතු ගංජා හේන් 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් දින සවස සමත් වීය.
හම්බගමුව, අලුත්වැව, කිළිඹූන්න කැලෑ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගංජා හේනක් පවත්වාගෙන යන බවට ලද ඔත්තුවකට අනුව සුරියවැව පොලිස් විශේෂ කාරිය බළකා නිළධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදි මෙම ගංජා හේන් හතර සොයා ගෙන තිබේ.
අක්කර භාගය බැගින් වු ඉඩම් කැබලි 04ක ඉතා සූක්ෂම ලෙස සැකකරුවන් මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබුණි.
සැකකරුවන් කෙසෙල් වගාකරන මුවාවෙන් මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබේ.
මෙහිදි අඩි 10ක් පමණ උසට වැඩී නෙලීමට ආසන්නව තිබුණු අක්කර භාගයක එක් ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දිමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් කටයුතු කල අතර අඩි 4 හා 5 ප්‍රමාණයේ පැවති අනෙක් ගංජා හේන් තුන විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ගලවා ගිණි තබා විනාශ කෙරුණි.
අත්අඩංගුවට පත් ගංජා හේන් හතරෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකා නිළධාරින් පැවසුවේ. ගංජා හේන් පවත්වාගෙන ගිය හම්බෙගමුව,අලුත්වැව පදිංචි 58 හැවිරිදි සිව් දරු පියෙකු හා 24 හැවිරිදි දෙදරු පියෙකු විශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බෙගමුව පොලිස් ස්ථානයට බාර දි තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගංජා හේන් 04 ක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට