(ෂේන් සෙනෙවිරත්න)
මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් කිලෝමීටර 26ක් පුරා විසිරී පැතිරී තිබෙන වික්ටෝරියා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බවත්, එම ජල ප්‍රමාණය එසේ වාෂ්ප නොවී රැඳුනේ නම් ගිගා වොට් 1.5 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකියාව තිබෙන බවත් එම ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි.
ජනවාරි මාසයේ දින 30 ක කාලයකදී ජලාශයේ ජලය ඝන මීටර මිලියන 180 ක පමණ ජල ප්‍රමාණයක් මුදා හරිමින් ගිගාවොට් පැය 85 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට මුදාහැර තිබෙන බව පවසන ඇහැළ පිටිය මහතා දෛනිකව ගිගාවොට් පැය 2.5 ත් 3.00 ත් අතර විදුලි නිෂ්පාදනයක් කරන බවත් පවසයි .
වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438 ක් වන අතර පසුගිය 28 වැනිදා වන විට එය මිටර 423 ක්දක්වා පහත බැස ඇති බව ද ඉංජිනේරුවරයා පවසයි .
ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723 ක් වන අතරපසුගිය 28 වැනිදා වන විට එම අගය පැවතියේ 218.7 වශයෙන් බව ද පැවසීය .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගිගා වොට් එක හමාරක විදුලිය වාෂ්ප වෙයි
sharm warn Monday, 31 January 2022 04:20 PM
ගිය වසර අවසානයේ පැවැති අධික වැස්සත් එක්ක මේ ජලාශ පිටාර මට්ටමකට පිරුණා. එහෙම නම් ජනවාරි මැද වනවිටමේ තරම් ජල මට්ටම පහළ බහින්න හේතුව කුමක්ද? ජලාශවල එකතු වන ජලය රහසේ මුදා හැරීමක් වෙනවද? එහෙම හිතෙන්නේ මට විතරද?