IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගං පතුලේ බැකෝ යන්ත්‍ර කොටස් සැඟවු දෙදෙනක් අත්අඩංගුවට

( රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව මෝදර වෙරළ සංරක්ෂණ කාර්යාලයේ වාහන අංගනයට ඇතුලු වී වාහන අමතර කොටස් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු බොල්ගොඩ ගංපතුලේ සඟවා තිබු බැකෝ යන්ත්‍ර කොටස්  සමඟ (28) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය කියයි.

වෙරළ සංරක්ෂණ කාර්යාලීය නිලධාරීන්ගෙන් ලැබුනු පැමිණිල්ලකට අනුව බුද්ධි අංශ වෙතින් ලද තොරතුරක් ඔස්සේ යමින් සිදුකළ පරීක්ෂාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ වලින් කොටසක් විකුණා දැමු බවත් තවත් කොටසක් පසුව විකිණීමට ගං පතුලේ සැඟවු බවත් සැකකරු විසින් පැවසු බව පොලිසිය පැවසීය.

ඒ අනුව ධීවරයින්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන් විසින් ගං පතුල පරික්ෂා කිරීමේදී අදාල බැකෝ යන්ත්‍ර කොටස් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

ඇතැම් බැකෝ යන්ත්‍ර කොටස් මිල දී ගත් අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කරන පොලිසිය මෙම සැකකරුවන් එම කොටස් රැපියල් හාරදහකට විකුණා ඇති බව පොලිසිය පැවසීය.

මෙම සැකකරුවන් දෙදෙනා එසේ බැකෝ යන්ත්‍ර උපාංග අලෙවි කොට ලබා ගත් මුදලින් හෙරොයින් පානය කර ඇති බව සඳහන් කරන පොලිසිය මොවුන් හෙරොයින් පානයට අධිකව ඇබ්බැහිවුවන් බවද පැවසීය.

මෙම සැකකරුවන් මොරටු මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

ගං පතුලේ බැකෝ යන්ත්‍ර කොටස් සැඟවු දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site