
(සුජිත් හේවාජුලිගේ)
තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මෙ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු අයි එස් අයි එස් සංවිධානය බව ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය නිකුත් කළ වාර්තාවෙන් පැහැදිලි වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් රහස්‍ය තොරතුර හෙළි කරන්නේද නොකරන්නේ ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පාස්කු මහමොළකරු සෙවීමට අද අවශ්‍යව ඇත්තේ එක් අයකුට පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා තමාට මේ රටේ නැවත ජනාධිපති වීමට අවශ්‍යතාවක් නැතැයිද ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කණගාටුවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පිල්යාන් එල්ටීටීඊ සංවිධානයේ සිටි කාලයේදී විවිධ අපරාධ කළ බවට චෝදනා ඇති බවත් එවැනි අයෙකුට අමාත්‍ය ධුරයක් පිරිනැමීම වැරදි බවත් ඔහු කීවේය.ඔහු මෙසේ පැවසුවේ රූපවාහිනි නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.
COMMENTS
කොහොමත් ඔයාව නැවත ජනාධිපති කරන්න මිනිස්සුන් ට පිස්සු නැහැ.
ලියුම් එනතුරු බලාගෙන ඉන්නේ මොන බම්බුවටද ගේ භාර දීලා මාරු වෙන්නේ නැතුව ! පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන ඒක කරපු එවුන් හා ඒකට උල්පන්දන් දිපු එවුන් හැරෙන්නට අනිත් හැමෝටම දැන ගන්න අවශ්‍යයි කියලා උදේ පත්තරේ දැන් පිනට ලැබෙන්නේ නැති නිසා දැන ගන්නට විදිහක් නැතුව ඇති.
පාස්කු ප්‍රහාරය මූඪ අන්තවාදීන් කළ වග ඉතාම පැහැදිලියි. එක් කණ්ඩායමක් ඒක දේශපාලන වාසී ගන්න සහ තම පක්ශයේ සඟයන් ඊට හවුල් වූ වග වහගන්න දඟලවා. තවත් කට්ටියක් මේකට සිංහල බෞද්ධ නායකයින් පටලවලා යටිකූට්ටු වැඩක් කරන්න හදනවා.
පාස්කු ප්‍රහාරය ගැන FBI එකෙන් වෙනම විමර්ශන කරේ නැහැ , ලංකාවේ කරපු විමර්ශන වලින් තමයි ඒ ගොල්ලොත් රිපෝර්ට් එක හැදුවේ , අනික ISIS කට්ටිය මේ ප්‍රහාරය ගැන දැනගත්තෙත් සහරන් ල ප්‍රහාරය සිදු කරට පසුවයි
"මහජනයාගේ ලේ උරාබීපු රාක්ෂයෝ... පලයව් යන්න... ලියුම් මොකදටද... පලයව් යන්න... වද නොදී..."
එහෙනම් බය වෙන්න ඕන නැහැ. මහින්ද රාජපක්ෂ මහතාත් බලන් ඉන්නේ ලියුම එනකම්, ආණ්ඩුව කට මැත දෙඩෙව්වාට වැඩ බින්දුවයි, නිකම් ලියුමක් ගහගන්නවත් බෑ