
(යොහාන් භාසුර)
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජනය සොයාගැනීම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා කීය.
ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය සමාලෝචනය කර විවිධ කාර්යන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලය සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තෙල් පිරිපහදුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බව ද අමා්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕක තියාගෙන පින්පඩි ගෙවන්නේ. වන්දි ගෙවා අස්කර ඕක වහලා දාන්න. දැනටම අවුරුදු හැටක් නොවේද?
තව මාස කීයද..? ඊට පස්සේ හිරේ යන්න ලැහැස්තිවෙන්න, කරපු දූෂණ, හොරකම්, මැරකම් ඔක්කෝම පෝලිමට එනවා...
ඛනිජ තෙල් සංස්ථාවේ අවසානයයි
එහෙනම් ඉතින් සල්ලි දීලා අරගෙන ඕක කරගෙන යන්න. කාංචනත් කැමති වෙයි. අපිත් කැමතියි. පිටරට එකෙක් ගන්නවාට වඩා හොද නිසා අනිත් අයත් කැමති වෙයි.
මේ ප්‍රතිව්‍යුහගත කරන උන්ව ප්‍රතිව්‍යුහගත කරන්න බැරිද ඉක්මනට?
පිටරටින් ගෙනැල්ලා බෙදා හරිනවට විතරක් බදු සල්ලි වලින් කෝටි ගණන් පඩි ගෙවනවා .ඒ කරලත් පාඩු පිට දුවන්නේ .සාප වෙනවා ඕකේ වැඩ කරනා එවුන්ට .පුද්ගලීකරණය කරලා නියාමනය කලයුතුයි .නියාමනය කරන්නන් වංචා කලොත් එල්ලා මරලා දැමිය යුතුයි .NMRA එක වගේ