(යොහාන් භාසුර)
රට තුළ කිසිඳු ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බවත් කපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්රශ්නය හුදෙක්ම අතිකාල සේවය පිළිබඳව ප්‍රශ්නයක් බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථ සමාගමේ නිලධාරියකු පැවසීය.
සාමාන්‍යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින ප්‍රවාහනය කරන ඉදිරි සතියට අදාල තෙල් සැපයුම වන මෙටි්රක්ටොන් 6000 ක් පමණ ආයතනික තීරණයක් අනුව සිකුරාදා දිනයේ සැපයූ බවත් ඒ හේතුවෙන් අද (11) දිනයේ සේවය අවශ්‍ය නොවන බව දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.
අද දිනයේ සේවය කිරීමේ අවස්ථාව නොලැබීමට සේවකයන් මෙසේ විරෝධය පළකරමින් විරෝධය දක්වා ඇති බවත් එය ඉන්ධන සැපයුමට මේ දක්වා කිසිඳු බලපෑමක් නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති කියනවා ගහන්න තෙල් නැතිව රජයේ වාහන කොට උඩ කියලා. දැන් මෙතුමා කිනවා තෙල් හිගයක් නැහැ කියලා.
තෙල් ටිකක් ගහගන්න අතේ සල්ලි තමයි හිග.
තෙල් හිඟ උනත් කමක් නෑ. රට කරන්න මොළ හිඟ එක තමයි ප්‍රශ්නේ. දෙමුද මෙරට නැවත පිටදේශ එංගලන්ත හෝ පෘතුගීසි පාලනයකට තව අවුරුදු 30 කට, හොං කොන්ග් වගේ? රට හදල බාරදෙයි ආපහු. එතකොට නිදහස ආපහු සමරන්න බැරියැයි කොඩි ගහගෙන.
මෙ නම් මහා කාලාකණ්ණි රට කන්න ඉපදුන මූසල මනුස්සයෙක්
අපේ රටේ කාලකන්නි ටික බලන් ඉන්නවා පිටරටින් ඇවිත් අපේ රට හදලා යනකන්... ඔවුන්ට කැසිල්ලද අපේ රට හදලා යන්න..? නායකත්වයක් අරන්, වගකීමක් අරන් වැඩ කරන්න පුරුදු වෙන්න. නැත්තන් හැමදාම අනිත් රටවල් දිහා බලබලා හූල්ලන්න තමයි වෙන්නේ...
මෙහෙම කියනවට අසූචි දමන්න ඕනෑ...
ඒකත් බලමුකෝ අනිවාර්යයෙන්ම තෙල් පෝලිම ළඟදීම එනවා. සිරිසේන රට කාපු එක හරි... ඒත් නන්දසේන මෙහෙම කරයි කියලා කවුරුවත් හිතුවේ නැහැ.