
(කේ. බුද්ධික කුමාරසිරි )
ඩිසල් ලීටර් 6600 රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගින් ඔත්තු බැලීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකු මෙම ඉන්ධන ජාවාරම මෙහෙයවා ඇති බවත් කටුනායක ප්‍රදේශයේ ආයතනයක් වෙත නිකුත් කරන ලද ඉන්ධන තොගයක් මෙසේ ලීටරයක් රුපියල් 900 බැගින් අලෙවි කර ඇති බවත් අනාවණය වි ඇත.
වැඩි මිලට ඉන්ධන අලෙවි කරමින් මහා පරිමාණයෙන් ඉන්ධන සැපයීමේ ජාවාරමක් සිදුවන බවට මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයකු මාර්ගයෙන් ඉන්ධන ඇණවුම ලබා දී පාදුක්ක වටරැක ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් සමග අදාල වැටලීම පිළිබදව සම්මුතියකින් පසු එම ස්ථානය මෙහෙයුම සදහා යොදාගෙන අදාල ඉන්ධන තොගය කර්මාන්තශාලා භූමියට රැගෙන ආ පසු සැකකරුවන් හා අදාල ඩිසල් තොගය රැගත් බවුසර් රථයද අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
සූක්ෂම ලෙස වැඩි මිලට විකිණිම සදහා මීගොඩ ප්‍රදේශයට එවා ඇති බවත් එම කටයුතු නිවරැදිව සිදු වන්නේද බැලීමට ඔත්තුකරුවන් දෙදෙනකු ද අදාල ඉන්ධන ලබා ගන්නා බවට පොලිස් උපාය දුතයා පවසා තිබූ කර්මාන්තශාලාව ඉදිරිපිටට එවා තිබූ බවද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වෙළඳපලෙහි සමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ විසි අටක් පමණ වන අතර විකිණිමට කටයුතු කර ඇත්තේ ලක්ෂ හැටකට බවද පොලිසිය වැඩි දුරටත් පැවසීය.
මෙලෙස ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියාගේ උපදෙස් මත සිදු කරන ඉන්ධන ජාවාරාමට අදාල ඉන්ධන අදාල ස්ථානය වෙත ගොඩබෑමෙන් පසු ඔත්තුකරුවන් දෙදෙනාට සහ බවුසර් රථයේ රියදුරුට සහ සහායකට විශාල මුදලක් ලබා දීමටද කටයුතු කර ඇති බව සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි , රටේ සෑම රාජ්‍ය ආයතනයකම පාහේ ඇත්තේ හොරකම , වංචාව සහ දූෂණය බැවින් , මෙම තත්ත්වය දුරු කිරීම පිනිස දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් පවතින අතර තරාතිරමක නොබලා හසුවන රාජ්‍ය සේවකයින්ට උපරිම දඩුවම් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ( හාල්මැස්සන් , තෝරු සහ මෝරු කතාව ඇති නොවන ලෙස මෙය ක්‍රියාත්මක විය යුතු බවත් ඔබ තුමන්ට දේශපාලන සොරෙකු ලෙස හංවඩු ගැසීමක් නොවී ඇති බැවින් මෙය දැඩිව ක්‍රියාත්මක කළ හැකි බවත් දන්නෙමි.)
NPPඑකට පමණයි දැඩි තීන්දු තීරණ සහ දඩුවම් අදාල පුද්ගලයන්ට සාධාරණ ලෙස ලබාදිය හැක්කේ.
They all should be sent prison and check how many times these kind of transactions taken place.
ඔවුන්ට අධිකරණය මගින් දඬුවම් පැමිණවිය යුතුයි.