
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සුරියආරච්චි )
මඩකලපුව වාකරේ පුදුර් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පිරිසක් සමඟ ඇතිවූ ආරවුලක දි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියකු වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
වෙඩි තැබීමට යොදාගෙන තිබූ පිස්තෝල ගිනි අවිය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු පතුරුම් ගැබ වාකරේ පොලිසිය මගින් භාරයට ගෙන ඇත.
එම නිලධාරියා ඔහුගේ බිරිඳ සමඟ ඊයේ (17) ඔහුට අයත් ජීප් රථයෙන් වාකරේ පොලිස් වසමේ පුදුර් කදිර වේලි පිහිටි අක්කර 11ක වපරිසයකින් යුත් ඔවුන්ට අයත් ඉඩමට සංවර්ධන කටයුත්තක් සඳහා පැමිණ ඇතැයි පොලිසිය කියයි.
එහිදී බැකෝ යන්ත්‍රයක් යොදා මාර්ගය පිළිසකර කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් කීප දෙනෙකු වාකරේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන්ට වගා කිරීම සඳහා බලපත්‍ර මත ඉඩම් කොටස් ලබා දී ඇති බවත් මාර්ගය පිළිසකර කිරීම වහාම නතර කරන ලෙසත් පවසා විරෝධය දක්වා ඇතැයි පොලිසිය කියයි. එහිදී පැමිණි පිරිස බැකෝ යන්ත්‍ර රියදුරුට පහරදී බැකෝ යන්ත්‍රයේ පැති වීදුරුවක්ද කඩා බිඳ දමා ඇත.
එම අවස්ථාවේදී සභාපතිවරයා විසින් රියදුරට පහරදීම වළක්වා ගැනීම සඳහා ඔහුට රජයෙන් නිකුත් කර ඇති පිස්තෝල ගිනිඅවියෙන් බිමට පහත් කර වෙඩිල්ලක් තබා ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි පිරිස කලහකාරි තත්ත්වයෙන් වැළකී එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියා විසින් වාකරේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර ඔහුට නිකුත් කර තිබූ ඒ බි 40739 අංක දරණ බලපත්‍රයේ සහිත පිස්තෝලය හා උණ්ඩ දහය සහ පතුරුම් ගැබ නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් ලොක්කෙක් වාකරේදී බිමට වෙඩි තියලා
සමන් විමල් Sunday, 18 August 2024 01:41 PM
පිස්තෝලය ලබාදී තියෙන්නේ වෙඩි තියන්න තමයි . ඔහු නැනවත් ලෙස ආයුධය භාවිතා කරලා තියෙන්නේ .
යෝගා Sunday, 18 August 2024 02:04 PM
නැගෙනහිර එක්තරා ජන කොටසක් නීති විරෝධී ඉඩම් මංකොල්ලයක් කරනවා. මෙහෙම හරි මේවා එළිවෙන එක හොඳයි