(නිමල කොඩිතුවක්කු)

රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එයට  සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ 100%ක් භූමිතෙල් අවශ්‍යතාව ද 50%ක් ගුවන් යානා තෙල්,100% නැක්ටා අවශතාවද, ඩීසල් 30%ක්, පෙට්‍රල් 14%ක්, ගෑස් 8%ක්, දැවිතෙල් 75-100% අතර ලබා දිය හැකි බවත් ඔහු සදහන් කළේය.

අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසූ විපක්ෂනායකවරයා රාජ්‍ය සතුව තිබෙන වටිනා ආයතන කුණු කොල්ලයට විකුනන්නෙ නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවත් සදහන් කළේය.

වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.