(ප්‍රදීප් කුමාර)

වවුනියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලකට වෙන්දේසි වු බව එම කෝවිලේ පුජකවරු සදහන් කරති.

වවුනියාව වෙප්පන්කුලම් මානික්ක පිල්ලයාර් කෝවිලේ මාම් පලම් තීරුවිලා උත්සවය සදහා තබන ලද අඹ ගෙඩිය මෙසේ විශාල මුදලකට වෙන්දේසි වී තිබේ.

ඒ අනුව අදාළ අඹ ගෙඩිය රුපියල් පන් ලක්ෂ පන්දහසකට වෙන්දේසි වු අතර එය ඉ. මෝහනාදාස් මහතාගේ පවුල විසින් මිලදී ගන්නා ලදි.