
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දස කෝටි හතලිස් හත් ලක්ෂ හැට දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් දෙදෙනා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් වන අතර 25 හැවිරිදි එක් අයකු දොර , ජනෙල් රෙදි අලෙවි සැළක සේවකයෙකි . අනෙක් ගුවන් මගියා 26 හැවිරිදි වියේ පසුවන රියැදුරෙකි .
ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ , එතැන් සිටෙ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd