(කේ. බුද්ධික කුමාරසිරි)

රුපියල් කෝටි 5ක පමණ වෙළදපල වටිනාකම සහිත හෙරොයින් අයිස් සහ කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවකු මාලඹේ උඩවත්ත පාර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය පවසයි.

ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් සැකකරු පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී ග්‍රෑම් 50 ආසන්න හෙරොයින් ප්‍රාමාණයක් සොයාගෙන ඇත. 

පසුව ඔවුහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු හෙරොයින් ලබාගත් පුද්ගලයා අනාවරනය කරගෙන එම සැකකාරු කහන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු කළුතර පයාගල කැකුණගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි පුද්ගලයෙකි.