(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාව තුළ වසරකට නව ක්ෂය රෝගීන් 8,500 - 9,500 ක් අතර ප්‍රමාණයක් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව වසරකට ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගීන් 14,000 ක් පමණ හඳුනාගත යුතු වුවත් මෙම දත්තවලට අනුව දල වශයෙන් රෝගීන් 5,000 ක් පමණ හඳුනා නොගත් රෝගීන් ප්‍රමාණයක් ප්‍රජාව අතර සිටින බවත් එහි ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.