(ජයන්ත සමරකෝන්)
කොළඹ සහ අවට පළාත් පාලන බල ප්රදේශ රැසක අනිද්දා(18) පෙරවරු 9.00 සිට 19 වනදා පෙරවරු 7. 00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්රාගාරයේ වාර්ෂිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සබා හා බල ප්රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නරග සබා බල ප්ර දේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව හා රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සඳහා ජල සැපයුම අත්හිටුවන බවද මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ප්රශ්නයක් නෑ, මට නුවරඑළියේ මගේ අනික් බංගලාවට යන්න පුළුවන්. බැරි වුනොත් පිරටකට වුනත් ගිය හැකියි. මට දුක කොළඹ ඉන්න ගරු මන්ත්රීවරුන්ට අනේ නාගන්නවත් බැරිවෙයිද කියලා............... අනික් මිනිස්සුන්ටත් ඉතින් නහයවල් තියෙනවනේ.....ඒකයි.
ඉස්සර ලේඛකයෙක් ලියා තිබෙනවා වතුර වතුර සෑම තැනකම නමුත් බොන්න වතුර පොදක් නැහැ කියා .අපේ රටෙත් එහෙම තමා.මාසයකට දින දෙක තුනක් වතුර කපනවා මොකක් හරි හේතුවක් හදාගෙන .මම වසර ගණනාවක සිට සිඩ්නි නුවර අසල සිටිනවා ,කවදාවත් වතුර කැපුවේ නැහැ..