IMG-LOGO

කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල පුපුරුවා හරී

(රංජිත් රාජපක්ෂ)                       

හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද(24) උදෑසන කඩාවැටුණු ගලෙහි කොටසක් පුපුරවා හැරීමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.
 
ගල ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ස්ථානයට යාබදව නිවාස කිහිපයක් ඇති බැවින් ද, එම ස්ථානයට ඉහළින් තවත් විශාල ගල් කිහිපයක් පහළට කඩාවැටීමේ අවධානමක් පවතින බැවින් ද දෙදරුමක් ඇති නොවන සේ කොටස් වශයෙන් ගල පුපුරවා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි.
 
ගල ඉවත් කිරීමට ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ නිලධාරීහු, අඹගමුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු, ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසීහු එක්ව සිටිති.
 
මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල පුපුරුවා හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 652 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 269 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site