
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය හෙට (3) ප්‍රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ කිසිම කණ්ඩායමකට සියයට පනහක බලයක් නොමැති හෙයින් ඡන්ද විමසීමකින් නගරාධිපතිවරයා තෝරා ගැනීමට සිදුවන බව ඔහු කීය
ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාදීමට එ් සියලු දෙනා එකගවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය අද නොවේ, හෙට. හෙට නොවේ අනිද්දාට....
තීන්දු කරපු එක්කෙනා තාම අපේක්ෂක විතරනේ... වෙන කෙනෙක් පුරපති වෙන්නත් පුළුවන්නේ?
ඔවුන් ඔක්කෝම යාළුවෝ මල්ලි... මඟ හිටියොත් තෝ නසියි. ගෙදර ගියොත් අඹු නසී.
SJB කොළඹ නගරාධිපති අපේක්ෂකයා භූතයෙක් විය හැකිය.