(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ මහල් නිවාස මිනිස්සුන්ට ජීවත්විය හැකි පරිදි සකස් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය

මේ අවුරුද්දේ මහල් නිවාස දෙකක් සහ ඉදිරි වසර වල මහල් නිවාස 11ක් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවායේ හත්දහසක් පදිංචි කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සමාජ අවශ්‍යතා මත පදිංචි කිරීමට කටයුතු කරන බවත් අඩු ආදායම්ලාභීන් පදිංචි කිරීම පිළිබඳව නිර්ණායක සකස් කරන බවත් ඔහු පැවසුවේය.

එම නිර්ණායක ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.