IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ මහ නගර සභාවේ බලය ආණ්ඩුවට දෙන්නේ නෑ

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයට අනුව කොළඹ ජනතාව බහුතරයක් වර්තමාන ආණ්ඩුවට බලය දීම සුදුසු නැතැයි තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුවට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට පසුබිම සැකසීමට ඉඩනොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට විපක්ෂයේ අනෙකුත් පක්ෂ, බහුතරයක් ලබාගත්ත පක්ෂ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර, කවුද ඉදිරිපත් කරන්නේ යන කාරණා මෙන්ම අණ්ඩුවට විරුද්ධ බලවේගයකට අවශ්‍ය සහය දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් එහිදි ඒ ඒ පක්ෂවලට, ඒ ඒ පුද්ගලයාට උදව් කරනවා කියන කාරණය මත පදනම්ව කටයුතු නොකරන බවත් කාරියවසම් මහතා කීය.

ජනතා මතය කියන කාරුණ ඉදිරියෙන් තබාගෙන පමණක් කිසියම් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට බලය පිහිටුවීමට සහය දෙන බව කී ඒ මහතා රටේ අනාගතය සම්බන්ධයෙන් එම පක්‍ෂයට වෙනස් ආකල්පයක් ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (16)

කොළඹ මහ නගර සභාවේ බලය ආණ්ඩුවට දෙන්නේ නෑ

අරවින්ද මොණරවිල Tuesday, 27 May 2025 03:21 PM

උඔ මොකෙක්ද බං ඒවා තීරණය කරන්න ?

:       12       60

NPP Tuesday, 27 May 2025 04:56 PM

අනේ මාමේ පින්සිද්ද වෙයි, දැන්වත් පාඩුවේ ඉන්න.

:       6       24

Asintha Tuesday, 27 May 2025 05:11 PM

අමු කැවිලා...

:       7       24

SusanthaThursday, 12 June 2025 08:02 PM

මොනවද අසින්ත අමු කියන්නෙ ඒවා මොනවගේද හැදෙන්නෙ ගස්වලද වැල්වලද නැතනම් වතුරෙද. ගන්නෙ මොනවටද කියල කියන්න. හැමඑකාම අමුකැවිලද අහනවා මිස විස්තරයක් කියන්නෙ නැහැනේ

:       0       0

ජයනාත් Tuesday, 27 May 2025 05:17 PM

වැඩියෙන් මන්ත්‍රීවරු ඉන්නේ ආණ්ඩුවට නේද? තමුන්ගේ පක්ෂයට කීයක් ඉන්නවාද? මංකොල්ල කාලා පුරුදු වුණාම ඔහොම ඒවා හිතෙනවා.

:       6       35

Nandana Tuesday, 27 May 2025 05:53 PM

මේ කවුද?

:       6       22

රුවන් Tuesday, 27 May 2025 06:51 PM

ඉස්සර කාටුන් එකක් ගියා බාබාලන්තය කියලා, ඒකේ නගර සභාවේ නගරාධිපති නාමල් තොත්ත බාබා.

:       6       31

රනේ Tuesday, 27 May 2025 07:34 PM

උත්සාහය ප්‍රශංසනීයයි. තව උනන්දු වී පාඩම් වැඩ කරගෙන යන්න...

:       4       22

lakmal Tuesday, 27 May 2025 07:57 PM

කිසිම දෙයක් නොදන්නා මිනිස්සු දේවල් ලියන්නේ කොළඹ මන්ත්‍රීලා වැඩි විපක්ෂයට ඒක තේරුම් ගන්න...

:       24       11

චතුරි Wednesday, 28 May 2025 12:58 AM

ආන්ඩුවට. නොදී. රනිල් පිනාට දීලා. තමුන්ට. නැවත පිනාගේ. ලේකම් වෙන්නද බලාපොරොත්තුව. මෙවගෙ උන්ව කනෙන් ඇදන් ගිහින් කුඩුවට දාන්න ඕන දන්න්වා වැඩිවෙලා. ඒකනෙ පිනා ගොන්කරත්තෙ. පෙරල ගත්තෙ. ගොන්නු නාහෙට අහන්නෙ නැහැ. මේ යකානෙ. උපදෙශක. මූත් අන්ත ගොනෙක් අන් දෙක නැති වුනාට

:       1       6

Nishan Wednesday, 28 May 2025 05:17 AM

50% ක් නැති ආණ්ඩුව කොළඹ බලේ ගන්න අනීතික වැඩ කරනවා.

:       9       4

Nimal 1 Wednesday, 28 May 2025 07:58 AM

රට වැනසූ උඹලට දැන් වැලේ වැල් නැහැ

:       2       10

Abandoned stone castle Wednesday, 28 May 2025 10:07 AM

අනේ මේ අයව මානසික රෝහලකට ගිහින් දාන්න අයියෝ...

:       0       2

Cham Wednesday, 28 May 2025 12:46 PM

තවත් රට වැසියන් මෝඩයන් ලෙස හිතන පක්ෂයක් සහ ලේකම් කෙනෙක්...

:       0       3

Bunny Preena Wednesday, 28 May 2025 02:05 PM

හවුලේ කැඳත් එපා යි කියනවනේ...!

:       1       2

don Wednesday, 28 May 2025 04:46 PM

සජිත් ගේ කණ්ඩායම රෙද්දක් ඇඳන් තමුන්ලාව එකතු කරගත්තොත් ඊළඟ ඡන්දෙත් සජිත් පරාදයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 18100 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18076 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 483 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 146 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site