IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි පහර කෑමෙන් රෝහලේ

(යොහාන් භාසුර සහ මෝදර - ඉග්නේෂස් ඇන්තනී)

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කොළඹ ප්‍රදේශයේ උසස් නිලධාරියෙන් අද (17) පැවසීය.

සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මන්ත්‍රීවරියට හිමි ව්‍යාපාරික ස්ථානයට පැමිණ මෙම පිරිස මන්ත්‍රීවරියට ඊයේ (16) පස්වරුවේ පරදී ඇති බවත් එම පහරදීමෙන් මන්ත්‍රීවරියගේ මුහුණට සහ හිසට තුවාල වී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම සිද්ධිය පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් පහරදීමට සම්බන්ධ කිසිවෙක්  අද   පස්වරුව දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත්ය.

යූ. සඳමාලි මහත්මිය මෙම සිද්ධිය පිළිබඳව පවසා තිබුණේ නගර සභාවේ රැස්වීමට සහභාගි වී පැමිණිමෙන් පසුව ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ බැන වැදී පහරදුන් බවත් තුවාල ලැබූ තමන් පහර දුන් පුද්ගලයන්ගෙන් මිදී පාරේ ධාවනය වෙමින් තිබූ වාහනක නැගී ජාතික රෝහලට පැමිණි බවත්ය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමේ ඡන්දය පිළිබඳව පැවැති විවාදයේදී යූ. සඳමාලි මහත්මිය විපක්‍ෂය වෙනුවෙන් දැඩි හඬන් නැඟූ අතර එහිදී ඇය විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළාය. 

 



අදහස් (9)

කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි පහර කෑමෙන් රෝහලේ

යෝගා Tuesday, 17 June 2025 06:50 PM

බලය රැකගැනීමට ජේවීපිය දන්න එකම ක්‍රමය මිනීමරු දේශපාලනයයි. මේ ඇරඹුම විය හැකියි.

:       92       43

පොඩිඑකාTuesday, 17 June 2025 10:28 PM

මේ යෝගා කියන අපුල්ලන්නාගේ මානසික රෝගය උග්‍ර වී ඇත.

:       5       16

Rata Perata Wednesday, 18 June 2025 12:52 AM

ඒ වගේම තමුසෙ දන්න එකම දේ හාමුලාගේ ඉඳුල් කන එක වගේ. දිනුවට පස්සේ ගහන්නේ මොන මගුලකටද කියලා හිතන්න වත් බැරි නූගත් මිනිහෙක්.

:       4       17

විපරමා Tuesday, 17 June 2025 07:22 PM

විපක්ෂයේ ඉන්න අයගේම කල්ලියේ එකෙක්ගේ වැඩක් වෙන්ඩත් බැරි නැහැ. මුල ඉඳලාම ඔය වගේ වැඩ කරපු අය වැඩිහරියක් ඉන්නේ ඒ අයත් එක්ක.

:       31       79

කව්ද බෝයි Tuesday, 17 June 2025 08:17 PM

පහරදීලා විතරද? බේරේ වැවෙන් ස්නානය කරවලා අරං නැද්ද...?

:       31       57

ගමේ එකාලා Tuesday, 17 June 2025 09:25 PM

කිසිම සැකයක් නැහැ.පොහොට්ටුවේ ඉන්න දූෂිත දේසපාලුවන්ගේ වැඩක්.උන් හිටපු කාලේ කියපු කරපු දේවල් ජඩකම් අපිට අද වගේ මතකයි.

:       2       13

කුකුල් චමින්ද Tuesday, 17 June 2025 10:21 PM

තාම ගැහුවා විතරයිනේ යෝගා රෙදි නැන්දේ..රතුපස්වල, තාඩුජීන් වගේ මිනී මැරිලා නෑනේ. පොඩ්ඩක් ඉන්නවලකෝ ඇඳගෙන ඉන්න ඇඳුමේ මළපහ කරගන්නේ නැතිව.

:       4       13

Nimantha Tuesday, 17 June 2025 11:55 PM

ඔයා තියෙන්නේ. ඕක තමයි ජෙප්පන්ගේ ඇත්ත පාට. මෙතන පිරිසිදු කියලා වැලලෙන අයත් යන්නේ ඔය පාරේම තමයි. පෙනෙනවා අදහස් බැලුවහම.

:       19       5

කපුරුහාමි Wednesday, 18 June 2025 02:36 PM

ඇත්ත ඇති සැටියෙන් දකින්න තරම් දැනුමක් මොලේ උඩ ඉන්න වහලුන්ට නෑ.. ලැජ්ජයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site