
(මුදිතා දයානන්ද)
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත.
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරියක බවද වාර්තාවේ.
පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපතිධුරය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන යන මහත්වරු ඉදිරිපත්ව සිටියහ.
ඒ සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඡන්ද 4ක්ද සමන් අබේගුණවර්ධන මහතාට ඡන්ද 2ක් ද වශයෙන් ලැබී ජයවර්ධන මහතා ජයග්‍රහණය කළේය.
සමන් අබේගුණවර්ධන මහතා පරාජයට පත්වීම ඉවසාදරාගත නොහැකි වූ ඔහුට සමීපතම මන්ත්‍රීවරියක එහිදී මෙම කුණු බිත්තර ප්‍රහාරය එල්ල කර ඇතැයි ද වාර්තාවේ.
රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමත් සමග මන්ත්‍රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප්‍රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව එම අවස්ථාවේ සිටි නාගරික මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම බෑගය වැනි දෙයක් ප්‍රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බව ද ප්‍රදිප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බව ද ඔහු කීය.
කුණු බිත්තර ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නාගරික මන්ත්‍රීවරුන් දෙපිරිසකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් ඝෝෂාකර ගන්නට වූහ.
එම නිසා කොළඹ මහ නගර සභාවේ කමිටු ශාලා එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මැදිහත් වී සිද්ධිය සමථයට පත් කළේය.
ප්‍රදීප් ජයවර්ධන මහතා පසුව වෙනත් ඇඳුමක් ඇඳගෙන එම ස්ථානයෙන් පිටව ගිය බව ද එම නාගරික මන්ත්‍රීවරයා පැවසීය.
ප්‍රදීප් ජයවර්ධන මහතා සිද්ධිය සම්බන්ධයෙන් නාගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට සහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි කෂඩ, තුප්පහි කාන්තාවක නගර සබාවට එන්න චන්දෙ දීපු අයට එල්ල කරපු ප්‍රහාරයක් මේක. ප්‍රදීප් මහතා ප්‍රභු පවුලක වැදගත් පුද්ගලයෙක්. ජේ. ආර්. මහතාගේ මුණුපුරා. එහෙම මිනිසුන්ටත් මෙහෙම වෙනකොට වැදගත් මිනිස්සු දේශපාලනේට එයි ද! එතකොටත් දිනන්නේ මේ වගේ අසමජ්ජාති පුද්ගලයින්. එම නිසා මැයට එරෙහිව වහා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අනිත් අතට මෙය එක්තරා අන්දමක දයිවයේ සරදමක්. ලංකාවේ දේශපාලනය මේ වගේ පහත අධම තත්වයට ගෙනෙන්න ජේ. ආර්. මහතා සැහෙන්න වැඩ කොටසක් කළා. එතුමාගේ මුණුපුර අද එහි ගොදුරක් වෙලා.
ප්‍රදීප් ජයවර්ධන කියන්නෙ ජේආර්ගෙ මුණුබුරා නම් හොද වැඩේ තමන්ගෙ ආතා ඉහළම තත්වයට පත්කල පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් මෙහෙම වීම ඉතාම සාධාරණයි බල්ලො එක්ක ලැග්ගනම් මැක්කොත් එක්කම ඉන්න වෙනවා
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය එල්ල කිරිමම පරිසර හානියකි
manthri thumiya ahala pahalama unnanam kunu biththara pirin badaagaththanam wade iwarayine. aye polisi yanna onath naha.
කුණු බිත්තර වලටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා වගෙයි.
මොන පැමිණිලිද හලෝ අනික් දවසේ උන්ට ශුචි ගහනවා.