(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (20) ආරම්භ කෙරිණි.
මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත ඩී.සී. මන්ජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා, ලේකම් සමන්ත ඉන්දීවර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතපත පරිශීලනය කරමින්, දැනුම්වත් වෙමින්, රටට වැඩදායි දේශප්‍රේමී රටවැසියන් වීමට කාට කාටත් මෙම පොත් ප්‍රදර්ශනය ඉවහල් වේවා.
අතිශයින් ජනප්‍රියවී තිබෙන ' බයිබලීය තෙමා' ග්‍රන්ථය මට සොයා ගන්ට බැරිවිය.
මෙවැනි දේවල් නිරන්තරයෙන් කරන්න ඕනෑ.. පොත් විකුණන්න මොබයිල් යුනිටි එකක් විදිහට පාසල්වලට යන්න පුලුවන් නම් තවත් හොඳයි. අද තරුණ පරම්පරාව කියවීම කියන තැන ඇත්තේම නැති තරම්.. කණගාටුවට කරුණක් ඒක... දරුවන් සාහිත්‍ය රසය දන්නේ නැහැ.. සෞන්දර්ය දන්නේ නැහැ.. පාරට බැහැලා දරුවන්ගෙන් අහන්න නන්දා මාලනි ගැන දන්නවද කියලා...? අනගාරික ධර්මපාල තුමා දන්නවද අහන්න. මහගම සේකර දන්නවද අහන්න. සිදත් සඟරාව, සද්ධර්ම රත්නාවලිය, සැළලිහිණි සංදේශය දන්නවද අහන්න... කියන්න දුකයි තරුණ පරම්පරාව face Book එකට කාලය දිය කරනවා මිසක් අඩු තරමේ face Book නිර්මාතෘ කුඩා කියන්නවත් දන්නේ නැතුව face Book පාවිච්චි කරනවා.. අපේ රටේ ඉතිහාසේ නොදැන ඉස්සරහට යන්න බැහැ.. රුසියාවට මෙඩිසින් ඉගෙන ගන්න ගියොත් ඔබට සිද්දවෙනවා රුසියාවේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න. සුද්දා වැද්දා කාලේ අපි අහසින් ගිය මිනිස්සු.. අද එ්කේ අනික් පැත්ත.. දරුවනේ කියවන්න ලෝකේ කරුණු හොයන්න පරිශීලනය කරන්න. තාර්කික සමාජයක් ගොඩ නගන්න. තාර්කිකව හිතන්න පුරුදු වෙන්න. පත්තර බලන්න. ප්‍රවෘත්ති බලන්න.. face Book එකේ ලයික් වැඩිකර ගන්න පොරකන්න එපා.
කොලබට පමණක් සිමා නොවී ලංකාවේ අනිත ප්‍රදාන නගරවලටත් ගෙනියන්න ඉතාම ප්‍රයෝජනයි