
(ඩයනා උදයංගනී)
කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය රෝහල් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
මේ දිනවල පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්න් පරීක්ෂණ කට්ටල හිඟවීම නිසා අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙස ඇය රෝහලේ අංශ ප්‍රධානීන්ට යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.
මීට අමතරව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ Neostigmin නැමති නිර්වින්දන ඖෂධය නොමැතිවීම හේතුවෙන් ජීවිත අවධානමක් නොමැති ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමන ලෙස එහි අධ්‍යක්‍ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා රෝහලේ සියලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වෙත ඊයේ (29) දැනුම් දී තිබිණි.
එසේ වුවත් මේ වන විට එම ඖෂධය ප්‍රමාණවත් පරිදි ලැබී ඇතැයි වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා අද (30) පැවසීය.
ඒ හේතුවෙන් ශල්‍යකර්ම සාමාන්‍ය පරිදි සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
වෛද්‍ය උපකරණ සහ ඖෂධවල හිඟයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ද ශල්‍යකර්ම ඊයේ (29) තාවකාලිකව අත්හිටුවන්නට සිදුවූ අතර පසුව එම උපකරණ සහ ඖෂධ ලැබීම හේතුවෙන් යළිත් සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කර ඇතැයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd