(ඩයනා උදයංගනී)
කොළඹ නගරය ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප‍්‍රමාණය මේ දිනවල යළිත් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඊසාන දිග මුහුදු ප‍්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දෙසට හමා එන සුළං ධාරා ඔස්සේ පැමිණෙන දූවිලි අංශු වැඩිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇතැයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය.
මෙහි වැඩි බලපෑමක් කොළඹ නගරයට එල්ල වී ඇති අතර ඊට අමතරව යාපනය, වව්නියාව, අනුරාධපුරය, පුත්තලම, මහනුවර සහ කුරුණෑගල යන නගරවල ද වායුගෝලයේ දූවිලි අංශු ඉහළයාමක් දක්නට තිබෙන බව ඔහු සඳහන් කළේය.
මෙම නගරවල වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණය අද (28) දිනයේදී සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබූ අතර හෙට (29) දිනයේදී එය තරමක් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේ නොවේ මේ රටේ මුහුද පැත්තෙන් සුළං හමනවිට වායුව පිරිසිදු වෙනවා. කැලිෆෝනියාවේ බලන්නේ pm2.5 සහ pm10 සුළඟේ පාවෙන දුවිලි ගැනයි. pm2.5 කියන්නේ වාහනවලින් පිට වෙන සහ ඒ වැනි අනෙක් ඉන්ධන දවන යන්ත්‍රවලින් දුමේ අඩංගු කුඩා කාබන් කැබලි වලටයි. pm10 ඇති වෙන්නේ තාර නොදැමූ මාවත් වලින් සහ මහා මාර්ගය දෙපසින් නිකුත් වෙන දුවිලි වලටයි. කවුරුත් කියන්නේ කතාවෙන් කොටසයි. මේ රටේ මෙවැනි අවස්ථාවල සිමෙන්ති නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වසා දමනවා. ගල් අඟුරු දවන බලාගාර ගැන කියන්න අවශ්‍ය නැහැනේ. මෙවැනි වායුවෙන් කුඩා දරුවන්ගේ පෙනහළු හානි සිදුවෙන්න පුළුවනි. මේ තත්වය ගණනකට නැතිනම් මුඛආවරණ පලඳින්නයි වෙන්නේ...