
(අංජුල මහික වීරරත්න)
කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් (Mr. Ajit Doval K. C.), මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ් මහතා (Mr. Ibrahim Latheef, DC (Retd.), Lt Col (Retd.)), ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් (Haymandoyal Dillum) සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් අදාළ සාමාජික රටවල් වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවැසූයේ බාහිර තර්ජන වලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග සහ එවැනි තත්ත්වයන් වැඩිදියුණු වීම කළමනාකරණය කිරීම ජාතික ආරක්ෂාව විෂය පථයට ඇතුළත් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ජන බලවේගයට විරුද්ධ ඉන්දියානු ගැති පෙරමුණක් ගොඩනැගීම Ajith Doval ගේ ගමනේ අරමුණයි...
අභ්‍යන්තර ආරක්ෂාවට පිටරටවල් 3ක්? ඔබතුමා ඇඳුම් කීයක් අඳිනවාද එක පාරට...?
උපදේශකලාට රටක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන්න බලයක් තියෙනවාද?