(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පැරණිතම සමාජ සේවා ආයතනයක් වන කොළඹ අසරණ සරණ සමිතිය යටතේ ක්‍රියාත්මක කෘත්‍රීම පාද නිෂ්පාදන ආයතනයේ නව කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා අද (3) පෙරවරුවේ විවෘත කළේය.
කොළඹ 2, පිහිටි එම නව කර්මාන්ත ශාලාවට අවශ්‍ය යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක්වීය.
මෙම ආයතනය වසර ගණනාවක සිට අඩු ආදායම් ලාභීන් නොමිලයේ සහ සෙසු අයට ඉතාම සහන මුදලකට කෘත්‍රීම පාද සැපයීමේ නිරතව සිටියි.
එම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී වැලරි මෙනවිය ද සහභාගි වූවාය.
වසර 190 ක ඉතිසාහයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය ස්වෙච්ඡා අධ්‍යක්‍ෂ මණ්ඩලයකින් පාලනය වන අතර එහි සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් ජයවර්ධන, උප සභාපතිවරයා ලෙස මහාචාර්ය ෂෙරිෆ් ඩීන්, ලේකම්වරයා ලෙස වෛද්‍ය රංජන් ඩයස් සහ පරිපාලන ලේකම්වරයා ලෙස සරත් කුමාර යන මහත්වරු කටයුතු කරති.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ අසරණ සරණ සමිතියට නව කෘත්‍රීම පාද කර්මාන්ත ශාලාවක්