
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෝදර නිපුණ නමැත්තාගේ සමීප ඥාතිවරියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
ඉකුත් 15 වැනිදා එම වෙඩි තැබීම සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් නොගෙවිමේ සිද්ධියක් මත යැයි පොලිසිය කියයි. එමෙන්ම සැකකරුවන් සමග තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අතරින් එදින වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුගේ බිරිඳ සහ බිරිඳගේ මවද වන බව පොලිසිය කියයි.
වෙඩික්කරු වෙඩි තැබීමේ සිද්ධියට පසු දින (16) ඩුබායි රාජ්‍යයේ බලා පලා ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd