(යොහාන් භාසුර)

ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව අද (27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පැය 3 ක් දක්වා විදුලි ක්පපාදුව  දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම කීය.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා දහවල් කාලයේ පැයක් ද, පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 ක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.