(ලක්මි කුඩලිගම)

ඉදිරි පැය කීපයේ ඇතිවිය හැකි වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි නිසා අවදානයෙන් සිටින්නැයි ගංගා සහ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුවත් කෙරේ.

දොඩම්ගොඩ,වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට අදියර එක යටතේ පතල් හා භූවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවෙිදන නිකුත් කර අතැයි ආපදා කළමනාකරණ ඒකකයේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා කීවේය.

කළුතර මතුගම මාර්ගයේ ස්ථාන කීපයක මාර්ග දෙපස කාණු හා බෝක්කු අවහිරවිමෙන් සුළු පිටාර තත්වයක් පැවති බවත් මතුගම වෝගන් වතුයාය පිවිසුම් මාර්ගයේ වතු නිවාස අසල තාප්ප හතරක් කඩා වැටි තිබු බව සහකාර අධ්‍යක්ෂක අරවින්ද අමරසේකර මහතා රාත්‍රි 8.00ට පමණ කීවේය.

කුකුලේ ගඟ බලාගාරයේ වාන්දොටු රාත්‍රි 8.00 වනවිටත් විවෘත්ත කර නොතිබු අතර කළුතර දිස්ත්‍රික්කයට මිලිමිටර් 75ක පමණ වර්ෂාවක් ලැබෙන බව දි ස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.