(සුමිත් පොතුපිටිය)    

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර  සිටි රැදවියෙකු අද  බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී  අධිකරණ භූමියෙන්  පලාගොස් ඇති බව පොලිසිය පවසයි .

මෙසේ පලාගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි  32 හැවිරිදි  පුද්ගලයකු  බව පොලිසිය කීය.

කළුතර  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (09) වස්කඩුව ප්‍රදේශයේ දී සැකකරුව හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම්   2330 ක් සමග  අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඊයේ අද සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝගකර බන්ධනාගාර නිළධාරින්ට භාරදී තිබූ බව පොලිසිය සදහන් කරයි .

එහිදී සැකකරු බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී දිවගොස් කළුතර නගරය දෙසට පලාගොස් සැගව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සදහන් වේ.