
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමීපතම ඥාතියකු අත්අඩංගුවට ගත් බව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදීය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධිකරණය කිරීමට සහාය ලබාදෙමින් ආධාර අනුබලලබාදීම මත 2006 අංක පහ දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ තුන එක වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට විමර්ශනයකදී අනාවරණය වීමේ හේතුවෙන් සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd