
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 30 වැනිදින රාත්‍රියේදී කහ වත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු කහවත්ත ඇන්දාන කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි පිරිසක් එම ඝාතනය සිදුකර තිබුණි.
එහිදී එක් තරුණයකු තුවාල ලැබු අතර වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණෙ ඉමන්ත සුරංජන් නමැති 22 හැවිරිදි තරුණයකි.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කහවත්ත ඕ.අයි.සී යාපනයේ සාමාන්‍ය රාජකාරිවලට
රට වැසියා Wednesday, 02 July 2025 10:41 PM
රට වැසියන් ඝාතක ආණ්ඩුවක් **** අතිශයින්ම කණගාටුයි, මේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ බලධරයින් විවිධ කථා කියයි!!! රට වැසියෙකු ලෙස කිව හැක්කේ, මේ රටේ සියලුම සංවිධානාතමක් අපරාධ සිදු වන්නේ "ආණ්ඩුවේ" අනු දැනුම ඇතිවයි. රට වැසියන් වු අපට ඇති එකම ප්‍රශ්නය වන්නේ තව කොතෙක් දුරට, කී දෙනෙක් "ආණ්ඩුව" මේ ආකාරයට මරා දමන්නේ යන්න පමණයි! හෙට දින මමත් ඊට අයත් විය හැක!
Bunny Preena Thursday, 03 July 2025 09:01 AM
පොලිස් ස්ථානාධිපතිවරුන් මේවාට මාරු කරලා හරි යන්නෙ නැහැ. හිතුමනාපෙට මිනිස්සුන්ව සැකයි කියලා ගෙදර ඇවිල්ලා මිනිසුන්ව පොලිසිවලට රැගෙන යන දුෂ්ට නීතිය අහෝසි කරන්න ඕන
සොරිසේන Thursday, 03 July 2025 10:01 AM
සිරිලංකාවේ සංවිධානාත්මක අපරාධ 90%ක කොනක උසස් යැයි සැලකෙන පොලොස් බාප්පිලා සම්බන්ධ බවට තවත් කදිම උදාහරණයක්!!! පොලොස් බාප්පිලාට ජයවේවා!!!!!
Eri Claud Thursday, 03 July 2025 11:11 AM
පොලිස් උසස් නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. මාරු කිරීම දඬුවමක් නොවේ. ඔහු රැකියාවෙන් ඉවත් කළ යුතුයි.