
(ටී.කේ.ජී.කපිල)
දැනට අත් අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මෙගේ වෙඩික්කරු ලෙස කටයුතු කළේ යැයි කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නැමත්තා අත් අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට මෙරටට පිටුවහල් කළේය.
කොටුගොඩ , යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහු 42 වියේ පසුවන්නෙකු වන අතර , මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණි .
ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළ දී 2022 වසරේ ජූලි 22 වැනි දින පස්පොඩ්ඩා නැමති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමග සිටි තවත් අයකුට වෙඩි තබා ඝාතනය කර එහි රැදී සිටි තවත් පිරිසකට ද වෙඩි තබා තුවාළ සිදු කර තිබුණි .
මැලේසියාවෙන් පිටුවහල් කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තේය. පසුව ප්‍රකාශ සටහන් කර ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd