
(රෝෂන් තුෂාර)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද නියෝග කළේය.
රහස් පොලිසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් අනුර සම්පත් බණ්ඩාර නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා සිටින කෙසෙල් බද්දර පද්මේ නමැති ඉල්ලුම් කරු පෙනී නොසිට ,ව්‍යාජ හැඳුනුම්පත් අංක සහිතව අසත්‍යය තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයකට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කරමින් ආගමික විගාමික පනත හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවට රහස් පොලිසිය කල කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහාකාර ආගමන විගමන පාලකවරුන්, සහකාර රථවාහන කොමසාරිස්වරුන් අමාත්‍යාංශ ලේකම්වරන් ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් මහ ඇමතිවරුන් එක පෝලීමේ බන්ධනාගාර වෙනවා අපේ හාමුදුරුවනේ ! ඒ පෝලීමට දැන් අඩු හිටපු ජනාධිපතිවරයෙක් විතරයි.
මේ පාස්පෝට් එක පාතාල නායකයෙක්ට හදන බව දන්නවා නම්, ආගමන විගමන පාලක වරයාව අත්අඩංගුවට ගන්න වුවමනා සාක්ෂි තිබේ නම් මේ පාස්පෝට් එක නිකුත් වීමට ඉඩ හැර වසරක් වගේ බලා සිටියා නම් ආගමන විගමන නිලධාරියා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවාත් නීතියේ රැහැනට අල්ලා ගන්න තිබුණා...
ලංකාවේ දේශපාලුවෝ කිව්වාට බැලින්නම් රාජ්‍ය අංශයම දූෂිතයි, පාතාලය අත්දෙනවා. අලුත් ආණ්ඩුව හින්දද මෙච්චර හොරකම් එළි වෙන්නේ...?