(පාලිත ආරියවංශ)
පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්මානයක් වන කහටරුප්ප, ගඩාදෙහිගොල්ල ගම්මානයේදී ගම්වැසියන් 37 දෙනකුගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් අතරින් 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අහඹුලෙස තෝරාගත් 37 දෙනකු රැෆඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අංශ කියයි. කොරෝනා ආසාදිතයන් අතර පාසල් සිසුන් දෙදෙනකු දි සිටින බව පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ . ජයකුමාර් මහතා පැවසීය.
අසාධිතයන් සියළු දෙනා නිවස් තුළම ප්‍රතිකාර සදහායොමු කළ බවත් ආශ්‍රිතයන්ද එම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් ජයකුමාර් මහතා සඳහන්කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානම් සහිත ගම් වහන්න කියල ජනාධිපති තුමා කීවා . ඒකවත් අහන්න බැරිද?